පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් පස්දෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට
2025 April 02- Page Views : 1188
නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
පසුගිය මාර්තු මස 31 වනදා අදාළ සිදුවීම සිදුව තිබුණු අතර, එහිදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට යම් පිරිසක් බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජලාවල සංසරණය වී තිබුණා .
අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිලාවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර එක් සැකකරුවෙකු එදිනම අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (02) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි සඳහන් වන්නේ .
මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් ප්‍රදේශය මඟහැර ගොස් සිටියදී නිලාවේලි පොලිස් ස්ථානය විසින් විමර්ශන පවත්වා සැකකාරියක් හා සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 35ක් වන හා සැකකරුවන් අවුරුදු 20, 21, 22, 28 හා 45 යන වයස්වල පසුවන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන්
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා නිලාවෙලි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා .