WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගිනි අවියක් සමඟ අපරාධකරුවෙක් මාට්ටු

2025 April 03- Page Views : 1187

කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ ගෝලයෙකු 9. එම් එම් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් මැගසිනයක් සහ ජීව උණ්ඩ 3 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රාදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.

උප පොලිස් පරීක්ෂක උපුල් හර්ෂ මහතාට ලද තොරතුරක් මත කළුතර නාගොඩ ප්‍රදේශයේදී වැටලීම කර බෑගයක දමාගෙන සිටී ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබේ.

සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සම්බධ නඩුවකට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලැබා සිටි අයකු බවත්, ගිනි අවිය කිසියම් අපරධයක් සදහා යොදාගෙන ඇද්ද යන්න සම්න්බන්ධයෙන් විමර්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.