WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෘතිම බුද්ධිය යොදාගෙන නිරුවත් ඡායාරූප සැකසූ අයෙකු අත්අඩංගුවට

2025 April 03- Page Views : 1188

කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාන්‍ය ඡායාරූප කෘතිම බුද්ධිය (Artificial Intelligence) මඟින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රචාරණය කිරීමේ සිද්ධින් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර උප ඒකකය මගිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මොහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.