WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක්

2025 April 03- Page Views : 1187

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

අදියර දෙකක් යටතේ මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ලබන 11,12 සහ 13 යන දිනවල කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ බෙලිඅත්ත යන ප්‍රදේශ සඳහා විශේෂ දුම්රිය යෙදවීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම අවුරුදු චාරිත්‍ර අවසන් කර යළි කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් ලබන 18,19 සහ 20 යන දිනන්හිදී විශේෂ දුම්රිය ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සඳහා ලබන 09 වැනිදා සිට අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර තිබේ.