WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අ‘පුර රකින්න යුනෙස්කෝ මැදිහත් වීම අගය කළ යුතුයි

2025 April 03- Page Views : 1187

මෙරට ඓතිහාසික උරුමයක් වන අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත්වීම අගය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක් බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් වූ  අනුරාධපුර පූජා නගරය සුරක්ෂිත කිරීම සඳහා ඒකාබද්ධ සහ තිරසාර ප්‍රවේශයක්’ මැයෙන් ප්‍රංශයේ, යුනෙස්කෝ මූලස්ථානයේ පැවති ජාත්‍යන්තර විශේෂඥ සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

යුනෙස්කෝව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධාන කළ මෙම සමුළුව,  සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති UNESCO ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසර උපායමාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.