රතු පැහැ දුර්ලභ දියමන්තියක් මහජන ප්‍රදර්ශනයට
2025 April 03- Page Views : 30 රතු පැහැ අතිශය දුර්ලභ දියමන්තියක් අමෙරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරය තුළ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ.
ඒ එහි පැවැත්වෙන වින්ස්ටන් රෙඩ් ඩයමන්ඩ් සහ වින්ස්ටන් ෆැන්සි කලර් ඩයමන්ඩ් දියමන්ති ප්‍රදර්ශනයට සමගාමීවය.
මෙම දියමන්තියට අමතරව තවත් දියමන්ති විශාල ප්‍රමාණයක් එහිදී ප්‍රදර්ශනයට තබා තිබේ.
ඉතාමත් දුර්ලභ ඝනයේ දියමන්තියක් මේ දිනවල අමෙරිකාවේ වොෂින්ටන් නුවර ස්මිත්සෝනියන් ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනයට තබා ඇත.
ඒ රතු පැහැ දුර්ලභ ඝනයේ ජෙම්ස්ටෝන් වර්ගයේ දියමන්තියකි.
රතු දියමන්තිය ප්‍රදර්ශනය කෙරෙන්නේ එහි පැවැත්වෙන වින්ස්ටන් රෙඩ් ඩයමන්ඩ් සහ වින්ස්ටන් ෆැන්සි කලර් ඩයමන්ඩ් එකතුවත් සමඟිනි.
මෙම දියමන්තිය කැරට් 2.33ක් වේ.
සංවිධායකයින්ට අනුව රූබි රතු පැහැ මෙවන් දියමන්තියක් සාමාන්‍යයෙන් හමුවන්නේ දියමන්ති මිලියන 25කට එකක් ලෙසිනි.
කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන පිරිසට මෙම එකතුව තුළ ඇති විවිධ වර්ණයේ දියමන්ති 40කට වැඩි ප්‍රමාණයක් දැකගැනීමේ අවස්ථාව හිමි වේ.
ඒ අතරට නිල් සහ රෝස ඇතුළු වර්ණ රැසක් අයත්ය.
මේ අනුව දියමන්ති ලෝලීන්ට මෙම ප්‍රදර්ශනය ඉතාමත් සුවිශේෂී වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.