රුසියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ සාකච්ඡාවක්
2025 April 03- Page Views : 1187
රුසියාව හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ , ආර්ථික හා බැංකු සහයෝගීතාව වර්ධනය කිරීමේ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ දී පැවැත්වුණා.
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයයි මෙම සාකච්ඡාව සංවිධාන කළේ.
එම මණ්ඩලයේ සභාපති අනුර වර්ණකුලසූරිය, ශ්‍රී ලංකාවේ රුසියා තානාපති එල් එස් ඩිහැග්‍රයින් , ඉන්දියා, රුසියා වෙළද නියෝජිත ආචාර්ය ඇලේක්සැන්ඩර් එල් රයිබාස් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.