WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

VIP වෙනුවෙන් කලකට පසු පාරවල් වසයි

2025 April 03- Page Views : 1187

ඉන්දීය අග්‍රමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් මස 04 වන දින ආරම්භ වීමට නියමිතය. ඒ අනුව මෙම සංචාරය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබයි.

ඒ අනුව 2025.04.04 වන දින සවස 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරනු ලබයි.

එමෙන්ම මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙතපැමිණෙන තැනැත්තන්ට මෙම මාර්ග වසා තැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසට වැඩිදුරටත් දන්වා සිටී.

2025.04.05 වන දින ගාල මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශයෙන්හි මාර්ග අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරනු ලබයි.

මෙම කාල සීමාව තුළදී රථවාහන තදබදය හා රියදුරන්ට සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා රියදුරන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස පොලිසිය රියදුරන් ඇතුළු මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.