WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගණිකා නිවාස හතරක් වටලා 20ක් අත්අඩංගුවට

2025 April 03- Page Views : 1189

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මුදලට කාන්තාවන් අලෙවි කිරීමේ මධ්‍යස්ථාන හතරක් වටලා කාන්තාවන් 16  දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

මේ අතර එම ස්ථාන හතරෙහි කළමනාකරුවන් ද සිටින බව පොලිසිය කියයි.

කොට්ටාව පොලිසියට ලද තොරතුරක් අනුව  අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකින් කොට්ටාව , මහල්වරාව , මාලඹේ පාර , රුක්මලේ පාර ප්‍රදේශවල පවත්වාගෙන ගිය  ගණිකා මධ්‍යස්ථාන හතරක් මෙසේ වටලා තිබුණි.

එහිදී මුදලට අලෙවි වීම සඳහා රැඳී සිටි කාන්තාවන් දහසය දෙනකු අත් අඩංගුවට ගත් අතර ඔවුන් ගාල්ල, මාතර ,බෙලිඅත්ත ,වලස්මුල්ල, අනුරාධපුර, රත්නපුර ,ඇඹිලිපිටිය ,කෑගල්ල ගම්පහ ,කළුතර ඇතුළු ප්‍රදේශ රැසක වයස අවුරුදු 18 - 46 අතර වයසේ පසුවන පිරිසක් බව පොලීසිය කියයි.