ආණ්ඩුවේ ඉහළ පුටුවලට සිටින ඇතැම් නිලධාරීන්ට ළඟදීම නඩු
2025 April 03- Page Views : 1187
වර්තමාන ආණ්ඩුව තුළ සිටින සමහර නිලධාරීන්ට එරෙහිව ඉතාම ඉක්මණින් නඩු ගොනුකරන බවත් ඇතැම් නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා පත්‍රවලට මේ වන විටත් අත්සන් කර ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතා අද (3) පැවසීය.
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කිරීම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ පිහිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභා පරිශ්‍රයේදී අද (3) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී රංග දිසානායක මහතා එසේ පැවසීය.
රජයේ අමා්‍යංශවල ඉහළ නිලධාරීන් කීපදෙනෙක්ටම මෑතකදීම නඩු ගොනුකරන බව කී රංග දිසානායක මහතා එම පුද්ගලයන් කවුරුන්ද යන්න කොමිසමට අදාල නොවන බව ද සඳහන් කළේය.
කොමිෂන් සභාවට පැමිණි ලැබුණු සමහර අය 2015, 2016 හෝ 2020 යන වර්ෂවලදී කරපු වැඩ බවත් එසේ වුවද ඔවුන් අද වන විට කැරකී නැවතත් එම ඉහළ පුටුවල සිටින බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.
අලුත් ආණ්ඩුව පත්වුවද නිලධාරීන් බොහෝ දෙනෙක් වෙනස් නොවූ අතර ඔවුන් මීට පෙර සිටියා මෙන්ම තවමත් සිටින බවත් ඔවුන්ට එරෙහිව පැමිණිළි තිබේ නම් කිසිසේත්ම තනතුරු ආදාල නොවන බවත් දිසානායක මහතා කීය.
කාර්ය මණ්ඩලයේ අඩුව පිළිබඳ ප්‍රශ්න හේතුවෙන් ඇතැම් ලිපිගොනු පිළිබඳව කටයුතු කිරීමේදී සති ගණනින් කාලය ගතවන බවත් සමහර විමර්ශන සම්බන්ධයෙන් නඩු පැවරීමට අත්සන් කර තිබුණ ද නඩුව ගොනුකිරීමට පහසුකම් නොමැතිවීමෙන් එම කටයුතු ප්‍රමාද වී ඇති බවත් ඒ මහතා කීය.