WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෝදිගේ සංචාරය හේතුවෙන් වැසෙන පාරවල් ගැන අලුත්ම දැනුම්දීම   

2025 April 04- Page Views : 1187

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක සිදුකරන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (4) දිනයේ ද විශේෂ නිවේදනයක් සිදු කළේය.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක සිදුකරන රථවාහන සැලැස්ම සම්බන්ධව මීට පෙරද දන්වා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ පැමිණෙන හෙයින් අද සවස 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරනු ලැබේ.

එමෙන්ම මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට, මෙම මාර්ග වසාතැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසට දන්වා සිටි.

හෙට (5) ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය යන ප්‍රදේශයන්හි මාර්ග අවස්ථා කිහිපයකදී වසා තැබේ.

ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටින් පිටව යන 6වනදා පෙ.ව 7.30 ත් 10.30 අතර කාලයේ අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ දුම්රියපොළ ආශ්‍රිතව ප්‍රධාන මාර්ග වරින්වර වසා තැබීමට කටයුතු කරනු ලැබේ. 

එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව තම කටයුතු සිදුකර ගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමුකිරීම අවස්ථානුකූලව රථවාහන හසුරවන නිලධාරින් විසින් සිදු කරනු ඇත.