මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
2025 April 07- Page Views : 1187
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද (07) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මකයි.
තරුණ ප්‍රජාව, විශ්‍රාමික හමුදා නිලධාරීන්, පොලීසිය සහ 25%ක කාන්තා නියෝජිනයකින් මහජන ආරක්ෂක කමිටු සමන්විත වනවා.
ඒ හරහා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම, අපරාධ හා නීතිවිරෝධි ක්‍රියාකාරකම් මැඩලීම ඇතුළු ක්ෂේත්‍ර 10 ක් ඔස්සේ එය ක්‍රියාත්මකයි.