WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අද දහවල් 12.12 ට ප්‍රදේශ කිහිපයක ජනතාවගේ සෙවනැල්ල අතුරුදහන්

2025 April 07- Page Views : 1187

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සෙවනැල්ල අද (07) දහවල් 12.12 ට මොහොතකට අතුරුදහන් වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා පවසනවා.

සූර්යයා සෑම වසරකම දෙවරක් ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන් වන බවත්, ඒ අනුව කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශයේ ජනතාවට මෙම අත්දැකීම අද (07) දහවල් ලබා ගත හැකි බවත් අනුර සී.පෙරේරා මහතා කියා සිටියේ.

Zero Shadow දිනයක් ලෙස මෙවන් දවසක් හඳුන්වනවා.



මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා අද (07) දහවල් 11.30 සිට කොළඹ නගර සභා භූමියේ විශේෂ කඳවුරක් පවත්වන අතර එම ස්ථානයට පැමිණීමට අපහසු ජනතාව තම නිවෙස ඉදිරිපිට පැහැදිලි අහසක් දර්ශනය වන ස්ථානයක ලී මිටක් , යකඩ කූරක් හෝ බෝතලයක් තබා එම අවස්ථාව නිරීක්ෂනය කළ හැකි බවද අනුර සී.පෙරේරා මහතා සඳහන් කළා.

මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට අධික සූර්යය ශක්තියක් ලැබීමට නියමිතයි.

රට පුරා දැඩි උණුසුම් කාළගුණික තත්වයක් ඇති විය හැකි බවත් , එය සමනය කිරීම සඳහා වැසි වාර කීපයක් ද ඇති විය හැකි බවත් තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියා.