මහින්ද සුවෙන්
2025 April 07- Page Views : 1187
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවෙන් සිටින බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව කියා සිටියේය.
පසුගිය දිනවල හිටපු ජනාධිපතිවරයා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වී තිබුණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, "සමාජ මාධ්‍යයේ එහෙම කිව්වට මම ගෙදර යද්දි හොඳට හිටියා." යනුවෙනි.