WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක සෞඛ්‍ය දිනය අදයි

2025 April 07- Page Views : 1187

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම අප්‍රේල් 7වනදා “ලෝක සෞඛ්‍ය දිනය” ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර එහි තේමාව ලෙස නම්කර ඇත්තේ “සෞඛ්‍ය සම්පන්න ආරම්භයක්, බලාපොරොත්තු සහගත අනාගතයක්” යන්නයි.

සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් සඳහා පුද්ගලයින් මෙහෙයවීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ද අදට (07) යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සඳහන්.

මෙය 1950දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.