වයස අවුරුදු හැටට වඩා වැඩි ජනතාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයෙන් විශේෂ අනාවරණයක්...
2025 April 07- Page Views : 1187
අවුරුදු හැටට වඩා වැඩි ජනතාවගෙන් සියයට තිස් පහකට වැඩි පිරිසකට අධි රුධිර පීඩනය පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.
මෙම තත්ත්වය පිළිබඳව නිසි ලෙස වැටහීමක් නොමැති හෙයින් වාර්ෂිකව හැටදහසකට ආසන්න ප්‍රමාණයක් ආඝාතයට ගොදුරු වන බව ද සඳහන් වෙනවා.
මේ හේතුවෙන් වාර්ෂිකව හාර දහසකට ආසන්න සංඛ්‍යාවක් මිය යන හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කළා.
එසේම මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට විස්සකට දියවැඩියාව පවතින බවත් ඉන් සියයට 41කට නිසි ප්‍රතිකාර නොලබන බවත් වාර්තා වෙනවා.
මෙරට සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට අසූ තුනක් බෝ නොවන රෝග නිසා සිදුවන බව ද සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.