දෙවුන්දර දී තරුණයින් දෙදෙනෙක් ඝාතනය කළ වෙඩික්කරු මාට්ටු
2025 April 08- Page Views : 1187
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (07) එම සැකකරුවන් ගන්දර පොලිස් ස්ථානයට නීතිඥවරු දෙදෙනෙකු සමඟ ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වෙඩික්කරු බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 35 වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මාර්තු 21 වන දින දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.