WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

‘යාපන රසකතා’ කෙටිකතා සංග්‍රහයේ සිංහල පරිවර්තනය එළිදක්වයි

2025 April 08- Page Views : 1187

යාපනයේ ජීවත් වූ ප්‍රවීණ සාහිත්‍යධරයෙකු හා නීතිවේදියෙකු වූ අලගු සුබ්‍රමනියන් මහතා ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කළ යාපන රසකතා කෙටිකතා සංග්‍රහයේ සිංහල පරිවර්තනය පසුගියදා එළිදැක්වුණා.

අලගු සුබ්‍රමනියන් මහතා රචනා කළ යාපන රසකතා කෙටිකතා කෘතියේ සිංහල පරිවර්තනය සිදුකර ඇත්තේ සම්මානිත මහාචාර්ය ගාමිණී ෆොන්සේකා මහතායි.

එම කෘතිය එළිදැක්වීම වැල්ලවත්ත තමිල් චංගම ශාලාවේදී පසුගියදා සිදුවුණා.

සුප්‍රකඨ ලේඛක හා නීතිවේදී අලගු සුබ්‍රමනියන් මහතා ඇඟයීමේ විශේෂ උත්සවයක් ද මීට සමගාමීව පැවැත්වුණා.

ප්‍රවීණ කිවිවර සාහිත්‍ය විචාරක මේමන් මහතායි එය සංවිධාන කර තිබුණේ.

මෙවැනි පරිවර්තන කෘති තුළින් ජාතීන් අතර අවබෝධතාවත් සහිදියාවත් වර්ධනය වන බවයි මෙහිදී සිදුකළ දේශන වලින් පෙන්වා දුන්නේ.