ශාක වල අයිතිය රකින්නත් පනත් කෙටුම්පතක්
2025 April 08- Page Views : 1187
නව ශාක ප්‍රභේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නීති කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මඟින් ප්‍රකාශන අයිතිය, කාර්මික සැලසුම්, පේටන්ට් අයිතිය, ලකුණු හා ව්‍යාපාර නාම ආදියට අදාලව නීතිමය ප්‍රතිපාදන සලසා ඇති නමුත්, ශාක ප්‍රභේද වල අයිතිවාසිකම් ආරක්ෂාව (අභිජනනය කරන්නන්ට, පර්යේෂකයන්ට හා ගොවීන්ට අදාලව) සඳහා ප්‍රතිපාදන නොපවතී.
එමෙන්ම, බුද්ධිමය දේපළ පනතේ වගන්ති අනුව ශාක සහ සතුන් වෙනුවෙන් පේටන්ට් අයිතිය ලබා දිය නොහැක.
එබැවින්, නව ශාක ප්‍රභේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීම පිණිස 2024-05-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් නව ශාක ප්‍රභේද අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු නිම කිරීම පිණිස වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගත යුතු බව පෙන්වා දී ඇත.
එකී පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.