පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 April 09- Page Views : 1187
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කොළඹට රැගෙන එන ලබමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනයකට අදාළව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කැඳවා ප්‍රශ්න කර තිබිණ.