හොර සල්ලි සමඟ කාන්තාවක් අත්අඩංගුවට
2025 April 09- Page Views : 1187
ව්‍යාජ රුපියල් 5000 ක මුදල් නෝට්ටු දෙකක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මහරගම පමුණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී සැකකාරීය සන්තකයේ තිබි මුදල් නෝට්ටු දෙක සොයාගත් බව පොලිසිය කියයි.
එකම අංකයක් යටතේ එම මුදල් නෝට්ටු දෙක මුද්‍රණය කර තිබූ බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාරිය කොස්ගම අකරවිට ආනන්දගම පදිංචිකාරියකි.