WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝකෙම දන්න දේ මේ ආණ්ඩුව දන්නේ නැද්ද?

2025 April 09- Page Views : 1187

ඇමරිකාව විසින් මෙහෙම ප්‍රතිචාරක බදු පනවන බව මුළු ලෝකෙම දැනගෙන හිටියත් ලංකා රජය මේ ගැන දන්නේ නැද්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අපනයනකරුවන්ගේ සුබ සිද්ධිය සඳහා එක්ස් වැට් ක්‍රමය මෙලෙසම ක්‍රියාත්මක වීම හොඳ බවට යෝජනා ලැබී තිබෙනවා. අප රටේ අපනයන ක්ෂේත්‍රයේ දැවැන්ත අභියෝග රැසකට මුහුණ දී තිබෙනවා.අපට අපේ අදහස් මේ සභාවට ඉදිරිපත් කිරීමටත් පින්සෙන්ඩු වෙන්න සිදුවී තිබෙනවා.

ඩොනල් ට්‍රම්ප්  ජනාධිපති වෙච්ච එක වත් රජය දන්නේ නෑ මං හිතන්නේ. ඩොනල් ට්‍රම්ප් චන්දෙ දිනන්න පෙරම අදාල බදු පනවන කතාව කිව්වා. ජනතා විමුක්ති පෙරමුණ වගේ චන්දෙ දින්නට පස්සේ ඒ ප්‍රතිපත්ති වෙනස් කරාවි කියලා මේ ආණ්ඩුව හිතුවද දන්නේ නෑ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.