15 වැනිදා රජයේ නිවාඩු දිනයක් නොවේ
2025 April 10- Page Views : 1187
මෙම මස 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි සමාජ මාධ්‍යවල හුවමාරු වන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ලබන 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් කළ බවට රජය කිසිඳු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බවත් මෙම ප්‍රවෘත්තිය ව්‍යාජව සකස් කරන ලද්දක් බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.