මිනුවන්ගොඩ අනතුරකින් දරුවෙක් මරුට
2025 April 11- Page Views : 1187
මිනුවන්ගොඩ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගල්කන්ද පන්සල් හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් දරුවකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ යතුරුපැදිය පැදවූ කාන්තාව, ඇගේ දරුවකු සහ මව බවත් තුවාල කරුවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ වැඩෑමුල්ල පදිංචි රශාන් නිම්හස් නමැති පෙරපාසල් දරුවෙකි .