මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 April 11- Page Views : 1187
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහවැලි නදීයේ විශාල ජල කඳක් පහළට ඇදෙමින් තිබියදී කටුගස්තොට පහළම මතින් එම තරුණිය සියදිවි ආනි හානිකර ගැනීමේ අරමුණින් ගඟට පැන ඇති අතර එම අවස්ථාවේදී කටුගස්තොට පහළම අසල රථවාන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 103984 හේරත් මහතා තම නිල ඇඳුම පාලම උඩ තබා මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබේ.
තම ජීවිතය ගැන ද නොසිතා කොස්තපල්වරයා ගඟට පැන තරුණිය ගොඩට ගෙන රෝහල් ගත කොට ඇති අතර කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.