කිරිබත්ගොඩ පොලිස් වෙඩි තැබීමකින් අයෙකු රෝහලේ
2025 April 11- Page Views : 1187
කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අද (11) අලුයම 2:30ට පමණයි.
සැකකටයුතු පුද්ගලයෙක් රැඳීසිටින බව දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු පලාගොස් තිබෙන අතර එහිදී මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන බවයි වාර්තා වෙන්නේ.