WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බදු සංශෝධනයට කතානායක සහතිකය

2025 April 11- Page Views : 1187

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය 9 වැනිදා පැවැත්වූ අතර කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන එක්විය. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වේ.