WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අග්නිදිග සරසවියටත් මැතිසබෙන් පාඩමක්

2025 April 11- Page Views : 31

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන් ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීහු  කණ්ඩායමක් ඊයේ  පාර්ලිමේන්තුව නැරඹූහ.

පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතුද දැක බලා ගත් ඔවුහු ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහජන සේවා අංශය පැවැත්වූ වැඩසටහනකටද  සම්බන්ධ වූහ.

එම වැඩසටහනෙන්  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැදගත්කම, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ කාර්යභාරය , කාරක සභා ක්‍රමය පිළිබඳ දැනුවත් කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

පනත් කෙටුම්පත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු විය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ  චමින්ද කුලරත්න සහ සහකාර මහ ලේකම් නීතිඥ හංස අබේරත්න යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ. ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ අධ්‍යක්ෂ  එම්. ජයලත් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධාන කෙරිණ.

මේ අවස්ථාවට   නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන   අබූබකර් අතම්බාවා  සහ  ඒ.එම්.එම්.එම්. රත්වත්තේ යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

වැඩසටහන මෙහෙයවනු ලැබුවේ පාර්ලිමේන්තු නිලධාරීන් වන එම්.එස්. එම්. සහීඩ්, යස්රි මොහොමඩ් සහ පියසිරි අමරසිංහ යන මහත්වරුන් විසිනි.