WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සිරි දළදා දැක්මේදී ප්‍රභූන්ට විශේෂ ප්‍රවේශපත් නැහැ –

2025 April 11- Page Views : 1187

පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන සිරි දළදා දැක්මේදී ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් විශේෂ පෝලිම් හෝ විශේ ප්‍රවේශපත් නොමැති බවත්, පවතින පෝලිම් භාවිතයෙන් දළදා වන්දනාවට පැමිණිය යුතු බවත් ශාස්ත්‍රපති . පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්කුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

මහා සංඝරත්නයට , විදේශ තානාපතිවරුන්ට, විශේෂ අමුත්තන්ට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පමණක් ඒ වෙනුවෙන් පහසුකම් සළසා ඇති අතර වෙනත් වර්ෂවල මෙන් විශේෂ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බව උන්වහන්සේ අවධාරණය කළා.

එසේම විශේෂිත ගේට්ටුවක් මහා සංඝරත්නය වෙනුවෙන් වෙන් කර ඇති බව සඳහන් කළ උන්වහන්සේ පෙරවරු 10 ට පෙර දළදා මාළිගය පරිශ්‍රයට වැඩම කළ යුතු අතර එහිදී උන්වහන්සේලා උදෙසා දහවල් දානය පිරිනැමීමෙන් අනතුරුව දළදා වන්දනාව සඳහා සහභාගී විය හැකි බව උන්වහන්සේ සඳහන් කළා.

වර්ෂ 16කට පසුව පැවැත්වෙන මෙම සිරි දළදා ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි මල්වතු අස්ගිරි උභය විහාර පාර්ශ්වීය ස්වාමීන්වහන්සේලාගේ මගපෙන්වීම යටතේ සියලු කටයතු මේ වනවිට සිදු කර ඇති බවත් උන්වහන්සේ පැවසූවා.