WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොල් වගාකරුවන්ට සහන මිලට පොහොර ලබාදීමේ වැඩසටහනක්

2025 April 11- Page Views : 1187

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහනාධාර ව්‍යාපෘතිය යටතේ පොල්වගාකරුවන්ට සහන මිලට පොහොර ලබාදීමේ වැඩසටහනක් පැවැත්වුණා.

කප්රුකට සවියක්, වැඩි ඵලදාවක් යන තේමාව යටතේ වෙල්පල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී එය සංවිධාන කර තිබුණා.

ලෝක ආහාර වැඩසටහන යටතේ රුසියාව ,යුරල්කලී ආයතනය හා ශ්‍රී ලංකා රජය එක්ව එය ක්‍රියාත්මක කරනවා.

සමාරම්භක උත්සවයේදී පොල්වගාකරුවන් 35 දෙනෙකු වෙත සහන මිලට පොල් පොහොර ලබාදීම සිදු කෙරුණා.

එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් රජයට ස්තූතිය පළකරන බවයි පොල්වගාකරුවන් සඳහන් කළේ.