WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හාලිඇළ නගරයේ මළසිරුරු දෙකක්

2025 April 12- Page Views : 1187

හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසයි .

හාලිඇල නගරයේ ත්‍රීරෝද රථ ගාල අසල පහළ කානුවක තිබු එක් පිරිමි මළසිරුරක් සහ හාලිඇල දුම්රිය ස්ථානයට යන මාර්ගයේ විහාරස්ථානයක් අසල මාර්ගයේ තිබි අනෙක් මළසිරුර මෙලෙස ලැබුණු තොරතුරක් මත පොලිසිය සොයාගෙන තිබේ.

මෙම අභි රහස් තරුණ මළසිරුරු දෙක මෙතෙක් හදුනාගෙන නොමැති අතර , පිටපලාතක සිට ඝාතනය කර මෙම ස්ථානය ට ගෙනවිත් දැමුවාද, නැතිනම් මෙහිදී ඝාතනය ට ලක්වූවාද යන්න සොයා පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් පොලිසිය පැවසීය .