WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අවුරුද්දට ගමේ යන්න අදත් අතිරේක බස් රථ යොදවයි

2025 April 13- Page Views : 1187

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සදහා අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පී.එච්.ආර්.ඩී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ ඊයේ පස්වරුව වන විට කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණෙන මගී ජනතාවගේ අඩුවක් දක්නට ලැබුණු බවය.

මේ අතර කොළඹ, මාකුඹුර, කඩුවෙල සහ කඩවත යන බස් පර්යන්තවලින් අද දිනයේ ද ගම්බිම් බලා යන ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය පවසයි.

ඇය පැවසුවේ මේ වන විට බස් රථ යොදවා ඇති නමුත් පෙර දිනයන්ට සාපේක්ෂව මගී ඉල්ලුමක් මේ වන විට දක්නට නොමැති බවය.

කෙසේ නමුත් අද උදෑසන වන විට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ව්‍යාපාරික කටයුතුවල යෙදෙන පුද්ගලයින් ඇතැම්විට ගම් බිම් බලා පිටත්ව යාමට පැමිණිය හැකි බැවින් ඒ සඳහා ප්‍රවාහන සේවා සැපයීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගන්නා බවය.