WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයේ නිලධාරියෙක් දියේ ගිලි මරුට

2025 April 13- Page Views : 1187

දෙහිඅත්තකණ්ඩිය, පරගස්වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු වයස අවුරුදු 29 ක් වූ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මියගිය කොස්තාපල්වරයා මිතුරන් කිහිපදෙනෙකු සමඟ ඊයේ (12) සවස් කාලයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවට දැනට සිදුකරන ද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු යනු ලබයි.