WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දෙවන මහලේ කාමරයක් තුළ සිර කළ දරුවෙකු බිමට පැනීමේ සිද්ධිය ගැන තොරතුරු රැසක්

2025 April 15- Page Views : 1188

කෙසෙල්වත්ත, පීර් සයිබු වීදීයේ නිවසක දෙවන මහලෙන් පහළට පැන දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයන් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අදාළ සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 12 හැවිරිදි දරුවා මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.

අදාළ දරුවා පසුගිය 13වන දින සිය නිවස ආසන්නයේ පදිංචි තවත් ළමුන් දෙදෙනෙකු සමග වෙළෙඳසැලකට ගොස් ඇති අතර එම වෙළෙඳසැල අසල පිහිටි තෙමහල් නිවසක ගේට්ටුවට තට්ටු කර ඇති බව සඳහන් ය.

එහිදී එම නිවසේ පදිංචි පුද්ගලයෙකු දරුවා බලහත්කාරයෙන් නිවස තුළට ඔසවාගෙන ගොස් දෙවන මහලේ කාමරයකට දමා සිරකර ඇති අතර එහිදී බියට පත්වූ දරුවා එම කාමරයේ ජනේලයක් විවෘත කර බිමට පැන ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඊට ආධාර අනුබල දුන් 59 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කෙසෙල්වත්ත පොලීසිය පැවසීය.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.