WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අඛණ්ඩව

2025 April 15- Page Views : 1187

උත්සව සමය තුළ විශේෂ වැටලීම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහිදී පාරිභෝගිකයන් නොමග යවන අයුරින් කටයුතු කළ වෙළෙඳුන් රැසකට නීතිමය පියවර ගත් බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් යටතේ පසුගිය දින කිහිපය තුළ වැටලීම් 1200ක් සිදුකළ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳ වැඩි අවධානයක් යොමුකරමින් මෙම වැටලීම් සිදුකරනවා.

භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම ,වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම,කල්ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, බිල්පත් නිකුත් නොකිරීම ඇතුලු පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ මිල අඩු කිරීම් සහ සේල් පවත්වාගෙන යාම පිළිබඳ වෙළෙඳුන්ට මෙහිදි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

නිවාඩු දිනවල මෙන්ම රාත්‍රි කාලයේ දී ද මෙම වැටලීම් ක්‍රියාත්මක අතර සම්බා සහ කීරි සම්බා වැඩි මිලට අලෙවි කිරීම සහ බිත්තර , කුකුළු මස් මිල උත්සව සමය තුළ ඉහළ දැමීමට කටයුතු කරන වෙළෙඳුන් පිළිබඳව ද විමර්ෂණ නිලධාරීන් වැඩි අවධානයක් යොමුකරමින් නීතිය ක්‍රියාත්මක කරන බවයි එම අධිකාරිය පවසන්නේ.