මාර්තුවේ සංචාරක ආදායම ඉහළට
2025 April 15- Page Views : 1187
2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 354ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයත් සමග මෙලෙස 2025 මුල් මාස තුනෙහි සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියනය සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල් මාස 03හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේ දී මෙය 9.4%ක වර්ධනයක් බවයි.