WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රදේශ රැසක දැඩි ගිනියමක්: වැඩිපුර වතුර බොන්න

2025 April 15- Page Views : 15

දිවයිනේ ප්‍රදේශ ගණනාවක මේ දිනවල මිනිස් සිරුරට දැනෙන අධික උෂ්ණත්වයක් පවතින හෙයින් ඒ ගැන දැඩි අවධානය යො කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්මඋතුරු, උතුර මැද, වයඹ, නැගෙනහිර, ඌව යන පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ ඇතැම් ප්‍රදේශවල මෙම අධික උෂ්ණත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙලෙස මිනිස් සිරුර වැඩි වේලාවක් උණුසුමට නිරාවරණය වීමෙන් විජලනය, මස්පිඬු පෙරලීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්ව ඇතිවිය හැකි බවත් වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දෙති.

මෙවැනි අධික උෂ්ණත්වයක් පවතී නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරසෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.