WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පිල්ලෙයාන් එක්ක රනිල්ට කතා බෑ

2025 April 15- Page Views : 15

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවනු ලැබ සිටින නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සහ හිටපු  රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරේ චන්ද්‍රකාන්තන්  නොහොත්  පිල්ලෙයාන් සමග කතා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන   මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවකු සමග දුරකථනයෙන් කතා කිරීම නීති විරෝධී බැවින් ඒ අවස්ථාව නොදුන් බවයි.

වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දුරකථනයෙන් අමතා  රනිල් වික්‍රමසිංහ මහතාට පිල්ලෙයාන් සමග කතා කිරීමට අවස්ථාව සලසා දෙන්නැයි  ඉල්ලා තිබිණ.

කෙසේ වෙතත් හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට පිල්ලෙයාන්  හමුවීමට අවස්ථාව ලබා දී ඇත.

තමා ඔහුගේ නීතිඥයා වන හෙයින් සිවනේ සතුරේ චන්ද්‍රකාන්තන් සමග කතා කිරීමට අවස්ථාව  දෙන්නයි ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර තිබිණ.