WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආයතන 18ක තැපැල් ඡන්දය පරක්කුයි

2025 April 15- Page Views : 18

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම පළාත් පාලන ආයතනවල එළඹන මැයි 6 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන්  මේ තත්ත්වය පැන නැගී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසන්නේ ඒවායේ නඩු තීන්දු අධ්‍යනය කරමින් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට දැනුම් දෙන බවයි.

කෙසේ වෙතත් පළාත් පාලන ආයතන 227 ක තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට බෙදා හැර අවසන් කර ඇතැයි කොමිසම පවසයි.

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද  විමසීම , ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට නියමිතය.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවලද  ඡන්දය සලකුණු කළ හැකි බව කොමිසම දැනුම් දෙයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ සූදානම් කර අවසන් බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.