අවුරුදු අනතුරු වලින් 80ක් රෝහලේ
2025 April 15- Page Views : 1187
ගතවූ පැය 24ක කාලයේදී සිදුවූ විවිධ අනතුරුවලින් තුවාල ලැබූ අසූවකට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
මින් තිහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත්තේ රිය අනතුරුවලිනි.
ගිනිකෙළි ආශ්‍රිතව සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ අවුරුදු සමයේදී පරිස්සම් සහගත ලෙස කටයුතු කිරීමෙන් මෙවැනි හදිසි අනතුරු වළක්වා ගත හැකි බවයි.
බීමත්ව රිය ධාවනයේ යෙදීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.