අවුරුදු උත්සව විකෘති කරන සංවිධායකවරුන්ට වැඩ වරදි
2025 April 15- Page Views : 1187
අවුරුදු සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
අවුරුදු උත්සව විශේෂ අංගවලට අසභ්‍ය නොගැළපෙන දේවල් එකතු කිරීමෙන් රටේ සංස්කෘතිය සභ්‍යත්වය සහමුලින්ම විනාශයට පත්වන බව ඔහු සඳහන් කළේය.
අවුරුදු සිරිත් විරිත් චාරිත්‍ර විශේෂාංග වලට නොගැලපෙන දේවල් එකතු කරන පිරිස් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවන බව අමාත්‍යාංශය පවසයි.