WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්

2025 April 16- Page Views : 1187

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතු බවය. 

"තීරු බදු වැඩිවෙන්න වැඩිවෙන්න භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාවත් අඩුවෙනවා.  ඒ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න ඕනේ. මේක නතර කරන්න බැහැ ඒක ක්‍රියාත්මක වෙනවා. මේකේ එක බලපෑමක් තමයි රැකියා නැතිවීම. බොහෝ දෙනෙක් ලක්ෂය කියලා කියන්නේ. ලක්ෂයක් වුණත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාල වෙන්න යනවා. ඒ වගේම ඒකට සම්බන්ධ අනෙක් අය... බෝඩින් කාමර දෙන අය, කඩ සාප්පු කරන අය.. ඒ හැම කෙනාගෙම ආදායමට මේකෙන් පහරක් වැදෙනවා. අපේ ආර්ථිකයටත් පහරක් වැදෙනවා. අපේ ගෙවුම් ශේෂයට තවත් බරක් එනවා. අපිට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා අපි ණය ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. මේ අර්බුදය නිසා රුපියල තවත් අඩුවෙලා තියෙනවා. ආර්ථිකයේ වර්ධන වේගය අඩුවෙන්න පුළුවන්. ඒ නිසා ලංකාවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා එකක් අමෙරිකාව එක්ක සාකච්ඡා කරන්න. අනික අපි කොහොමද දේශීය වශයෙන් මේ ප්‍රශ්න විඳන්නේ. ඒ නිසා මේක හදිසි අවස්ථාවක් ලෙස සලකා ආණ්ඩුව ගන්න පියවර කුමක්ද කියලා රටට දැනුවත් කරන්න ඕනේ. නැත්නම් මේ තත්ත්වය ගැන ප්‍රකාශයන් නොකරුවොත් එක එක ප්‍රශ්න ඇති වෙනවා."