WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ග්‍රීස් ගහෙන් ඇදවැටී පාසල් සිසුවෙකු මරුට

2025 April 17- Page Views : 1189

ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස්ගස සකස්කරමින් සිටියදී ඉන් ඇදවැටී පාසල් සිදුවෙකු මියගොස් තිබේ.

පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථාන අසල ක්‍රීඩා පිටියේ දී මෙම අවුරුදු උත්සවය පැවැත්වීමට සූදානම් කරමින් සිටියදී මෙම අවාසානාවන්ත අනතුර සිදුව ඇත.

අඩි 40ක් පමණ උසැති මෙම ග්‍රීස් ගසෙන් ඇදවැටුණු පාසල් සිසුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පිටිගල පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකු වන අතර, එම සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල බලාපොරොත්තු සිටි අයෙක් බව සඳහන් වේ.

පස්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිත අතර, පිටිගල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.