ඡන්ද නීති කැඩූ අපේක්ෂක 18කට නඩු
2025 April 17- Page Views : 1187
මැතිවරණ නීති කඩ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් සිටී.
මාර්තු මස 3 වෙනිදා සිට ඊයේ (16) දින දක්වා කාලය තුළ මෙම පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන ඇත
මෙයට අමතරව පක්ෂ ආධාරකරුවන් 62 ක් සහ වාහන 14ක් ද එම කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත