WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වැල්ලවාය - බෙරගල මාර්ගයේ ධාවනය බාධා

2025 April 19- Page Views : 1187

වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . පැවති වර්ශාවත් සමග මෙසේ මාර්ගයට පස්කඳු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල විධායක ඉංජිනේරු කාර්යාලය සදහන් කළේ වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයෙට කඩා වැටී ඇති පස්කඳු ගල්පර්වත ගස්කොළන් ඉවත් කිරිමට කටයුතු කරන බවයි .