WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට

2025 April 20- Page Views : 13

වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි. මෙම  මරණය සම්බන්ධයෙන් පිහියත් සමඟ  වැඩිමහල් සහෝදරයා මෙන්ම තවත් පුද්ගලයෙකු  පොලීසිය මගින් අත්අඩංගුවටගෙන ඇත. මෙලෙස මියගොස් තිබුනේ වැල්ලම්පිටිය වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වරාගොඩ මුදලිගේ ලසන්ත මධුසංක නැමති 36 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාගේ මිතුරෙකු නිවස කරා පැමිණි අවස්ථාවේදී   සැකකාර වැඩිමහල් සහෝදරයා ඔහු සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එම අවස්ථාවේදී එම පුද්ගලයා මියගිය පුද්ගලයාව සැකකරු දෙසට තල්ලු කර දමා එම ස්ථානයෙන් පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.