WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අප්‍රේල් පළමු දෙසතියේ විදෙස් සංචාරකයන් 93,915 ක් දිවයිනට

2025 April 20- Page Views : 13

අප්‍රේල් මාසයේ පළමු දෙසතිය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 90,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව, මේ වන විට සංචාරකයින් 93,915 ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ. ඉන් වැඩිම පිරිසක් ඉන්දියානුවන් වන අතර බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, චීනය සහ බංගලාදේශය යන රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති මුලු සංචාරකයින් සංඛ්‍යාව 816,191ක්.