මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව දෙදහසට ආසන්න වෙයි
2025 April 21- Page Views : 1187
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 162ක් ලැබී තිබේ.
එම කොමිෂන් සභාවේ ජාතික හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත මෙම පැමිණිලි ලැබී ඇත.
කෙසේ නමුත් ඉහත පැමිණිලි අතරින් ප්‍රචණ්ඩ ක්‍රියාවකට අදාළව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.
මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 1,874ක් ලැබී තිබේ.
ඉන් පැමිණිලි 1607ක්ම මේ වනවිට විසඳා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.