WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ

2025 April 21- Page Views : 1187

"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21).

සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.

තුන්වන දිනයට ඊයේ (20) දින පමණක් සැදැහැවතුන් 150,000කට අධික පිරිසක් වන්දනාමාන කර තිබේ.

මේ වනවිටත් අති විශාල සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාව වෙනුවෙන් පෝලිම්වල සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර "සිරි දළදා වන්දනාව" සිදුවන කාළය තුළ මහනුවර නගරයේ වෙළෙඳසැල් තුළින් සිදුකරනු ලබන අකටයුතුකම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් නිරන්තරයෙන් කටයුතු කරන බව එහි මාධ්‍ය අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි.