WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට

2025 April 22- Page Views : 1187

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදිරිය විවෘත කිරීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසියය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් වරයෙකි.

සැකකාර කොස්තාපල්වරයා සිර මැදිරිය විවෘත කිරීමට යාමේදී උපසේවක ලෙස කටයුතු කළ නිලධාරියා එය වැළැක්වීමට යාමේදී ඔහු සමග පොර බැඳීමක්ද සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.